අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරයේකෝප් කමිටු (පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ) සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතාම පත්කරගැනීමට පක්ෂ නායකයන් තීරණය කර තිබේ.
කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17දා) පාර්ලිමේන්තුවේදී පක්ෂනායකයන්රැස් වූ අතර, එහිදී මෙම තීරණය ගෙන තිබේ.
එමෙන්ම රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපති ලෙස නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ මුදල් කාරක සභාවේ සභාපති ලෙස එම්.ඒ. සුමන්තරන් මහතා යළි පත්කිරීමටද පක්ෂනායකයන් එකඟ වී ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අටවැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය අවසන් කළ පසු මෙම කාරකසභා සියල්ලේම කාර්යයන් අවසන් වූ අතර, ඒ සඳහා යළි පිරිස් පත්කරගතයුතුව තිබුණි.