හකීම්ගේ තීරණයට මන්ත්‍රීවරු එකඟලු
නැගෙනහිර පළාත නියෝජනය කරන ප්‍රධාන පෙළේ ඉස්ලාම් ආගමික නායකයන්, මුස්ලිම් කොංග්රස් නායක අමාත්‍ය රාවුෆ් හකීම් සහ එම පක්ෂයේ පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් දරුස්සලාම් පක්ෂ මූලස්ථානයේදී ඊයේ පස්වරුවේ (11දා) පැවැත්විණි.
මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය ප්‍රදේශ නියෝජනය කරන මුස්ලිම් ආගමික නායකයන් පිරිසක් මෙම හමුවට සහභාගී වී සිටියහ. අමාත්‍ය රාවුෆ් හකීම් මහතාට සහ එම පක්ෂයේ පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන්ට ඉදිරි ජනාධිපතිවරණයේදී ගතයුතු ස්ථාවරය සම්බන්ධයෙන් ආගමික නායකයන් දීර්ඝ ලෙස උපදෙස් ලබා දී තිබේ.
එමෙන්ම පක්ෂ නායක රාවුෆ් හකීම් මහතා අවසන් වශයෙන් ගන්නා තීරණයට විරෝධතාවක් හෝ විවේචනයක් නොදක්වන බවටද එම ආගමික නායකයන් ඉදිරිපිටදී මුස්ලිම් කොංග්රස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 08 දෙනා සහ පළාත් සභා මන්ත්‍රීවරුන් 12 දෙනා ප්‍රතිඥාවක්ද ලබා දී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

