සෞඛ්‍යය සේවයේ ගුණාත්මකභාවය හා එයට ප්‍රවේශ වීමට ඇති හැකියාව අතින් දකුණු ආසියාව් හොඳම රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.
ලෝකයේ අංක එකේ ව්‍යාපාරිකයා වන බිල් ගේට්ස් මහතාගේ ‘බිල් ඇන්ඩ් මෙලින්ඩා’ පදනම මගින් සපයන අරමුදල් හරහා ලැන්සෙන්ට් ආයතනය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක මේ බව දැක්වෙයි.
ලෝකයේ රටවල් 195ක දත්ත උපයෝගී කරගෙන සකස් කර ඇති මෙම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවට 71 වැනි ස්ථානය හිමිව ඇත. මාලදිවයින 72 වැනි ස්ථානයේ පසුවන අතර, ඉන්දියාව 145 වැනි ස්ථානයේ පසුවෙයි.
දකුණු ආසියාතික රටවල් අතරින් සෞඛ්‍යය සේවයේ ගුණාත්මකභාවය හා එයට ප්රවේශවීමට ඇති හැකියාව අවම රට ලෙස ඇෆ්ගනිස්ථානය නම් කර ඇති අතර, ඔවුන් 191 වැනි ස්ථානයේ පසුවෙන්නේ ලෝක දර්ශකයේ පහළම රටවල් 10 අතරට එක්වෙමිනි.
මෙම දර්ශකයේ පළමු ස්ථානය අයිස්ලන්තයට හිමිව ඇති අතර, අවසන් ස්ථානය මධ්‍යම අප්‍රිකානු ජන රජයට හිමිව තිබේ. චීනය 48 වැනි ස්ථානයට පත්ව ඇත.
සෞඛ්‍යය සේවයේ ගුණාත්මකභාවය හා එයට ප්‍රවේශ වීමට ඇති හැකියාව අතින් ඉහළ රටවල් 10
01 - අයිස්ලන්තය
02 -නෝර්වේ
03 - නෙදර්ලන්තය
04 - ලක්ෂම්බර්ග්
05 - ඔස්ට්‍රේලියාව
06 - ෆිනලන්තය
07 - ස්විට්සර්ලන්තය
08 - ස්වීඩනය
09 - ඉතාලිය
10 - ඇන්ඩෝරා
සෞඛ්‍යය සේවයේ ගුණාත්මකභාවය හා එයට ප්‍රවේශ වීමට ඇති හැකියාව අතින් අවම රටවල් 10
195 - මධ්‍යම අප්‍රිකානු ජනරජය
194 - සෝමාලියාව
193 - ගිනියා බිසව්
192 - චැඩි
191 - ඇෆ්ගනිස්ථානය
190 - ගිනියාව
189 - කිරිබති
188 - දකුණු සුඩානය
187 - අයිවර් කොස්ට්
186 - බුරුන්ඩි