සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සිදුවූ දූෂණ වංචා ක්‍රියා නවතා දැමීම නිසා මේ වසර තුළදී රුපියල් මිලියන 2000කට අධික මුදලක් ඉතිරිකර ගැනීමට හැකිවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඖෂධ සම්බන්ධ කටයුතුවලදී විශාල කොමිස් මුදලක් හුවමාරුවන බවත්, එම කොමිස් මුදල් ඇතැම් රජයේ නිලධාරීන්ටත් ලැබෙන බවද සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.
පිළිකා රෝගීන් සඳහා ලබාදෙන රුපියල් දෙලක්ෂ අසූතුන්දහසක් වටිනා ඖෂධ තිබෙන බවත්, එම ඖෂධය සඳහා රුසියාවෙන් හඳුන්වාදුන් ඖෂධ මිලදී ගැනීම නිසා එක් ඖෂධ මාත්‍රාවකින් රුපියල් 60,000 ක මුදලක් ඉතිරිකර ගැනීමට හැකිව තිබෙන බවද පවසා සිටියේය.
සියලුම පිළිකා රෝගීන්ට නොමිලේ ඖෂධ ලබාදීමේ වැඩපිළිවෙළ සඳහා ලබන වසරට රුපියල් මිලියන 4200ක් වෙන් කරන බවත්, මේ වසර සඳහා රුපියල් මිලියන 1200ක් වෙන්කර තිබෙන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි. ඖෂධ හිඟයක් නොමැතිව රෝහල්වලට ඖෂධ ලබාදෙන බවත්, රෝහල්වල ඖෂධ හිඟයක් පවතින්නේ නම් එය රෝහල් අධ්‍යක්ෂකවරයාගේ දුර්වලතාවය හා උනන්දුව නොමැතිවීම නිසා බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.