තලවකැලේ, මැදකුඹුරවත්ත ප්රදේශයේදී නීති විරෝධී මත්පැන් වර්ගයක් වන සීනි කරිඤ්ඤං ළඟ තබාගත් පුද්ගලයන් දෙදෙනෙකු පෙරේදා (15දා) රාත්රීයේ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
එහිදී, නීති විරෝධී සීනි කරිංඤ්ඤං බෝතල් 440ක්ද විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, එම නීති විරෝධී මත්පැන්වල වටිනාකම රු.44,000/- ක් පමණ වන බව පවසයි.
විශේෂ කාර්ය බලකාය තලවකැලේ කඳවුරේ උ.පො.ප ජේ.එම්.එස්.එස්. ජයසුන්දර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් නීති විරෝධී මත්පැන් අලෙවි කරන ස්ථාන සම්බන්ධයෙන් එදින සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම වැටලීම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා තලවකැලේ පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.