සී හෝක් ජාත්‍යන්තර වෙළෙඳ පොළට සූදානම්
මොරටුව විශ්විවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ අංශය විසින් නිෂ්පාදනය කරනු ලැබූ 'සී හෝක්' හෙවත් 'කේළමා' ලෙස හඳුන්වන නියමුවන් රහිත ගුවන්යානය විදෙස් වෙළෙඳපොළට නිකුත් කිරීමට තීරණය කර තිබේ.
රුපියල් ලක්ෂ දෙකහමාරක පමණ පිරිවැයකින් නිෂ්පාදනය කළ මෙම ගුවන් යානය විදෙස් වෙළඳ පොෙළ්දී ඊට සාපේක්ෂව ඉතා ඉහළ මිලකට අලෙවි කොට රටට දැනෙන ආදායමක් ලබා ගැනීමට හැකිවනු ඇති බව එය නිෂ්පාදනයට මූලිකත්වය ගෙන කටයුතු කළ මහචාර්ය රොහාන් මුණසිංහ මහතා 'අද' කළ වීමසීමකදී පැවසීය. මෙම 'සී හෝක්' ගුවන් යානය විදෙස් වෙළඳ පොළට නිකුත් කිරීමේදී කිසිදු රාජ්‍ය අායතනයක සම්බන්ධතාවක් අතිකර නොගන්නා බවත් ඒ සඳහා විශ්වවිද්‍යාලයට අනුබද්ධිත වෙනත් ආයතනයක් යොදා ගන්නා බවත් මේ දක්වා කටයුතු කළේ ඒ අකාරයට බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.
මෙම යානය නිෂ්පාදනය කොට දැනට වසර දෙකහමාරක් පමණ වුවද මෙරට කිසිදු ආයතනයකට තවමත් එහි ප්‍රයෝජන ලබා ගැනීමට අවශ්‍ය නොවූ බවත් එසේ වුවද කෙදිනක හෝ අවශ්‍ය වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කළේය.
යම් ආයතනයකින් 'සී හෝක්' මෙරට තුළ භාවිතයට ගන්නේ නම් ඒ සඳහා අදාළ අමාත්‍යාංශ හෝ රාජ්‍ය අයතන හා එක්ව මොරටුව විශ්වවිද්‍යාලය කටයුතු කරනු ඇත.
විදේශ වෙළඳ පොළට නිකුත් කිරීමට අවශ්‍ය සියලු තහවුරු කරගැනීම් විශ්වවිද්‍යාලය විසින්ම අවශ්‍ය සියලු තහවුරු කර ගැනීම් විශ්වවිද්‍යාලය විසින්ම සිදුකර ඇති අතර ඒ අනුව විනෝදාංශ ලෙස මෙවන් යානා පැදවීම හෝ කෘෂිකාර්මික නැතිනම් වෙනත් වෘත්තීමය කටයුතු සඳහා යොදාගැනීම යන ක්ෂේත්‍ර ද්විත්වය ඉලක්ක කරගනිමින් විදෙස් වෙළෙඳ පොළට ඉදිරියේදී 'සී හෝක්' නිකුත් කිරීමට එහි නිර්මාණකරුවෝ බලාපොරොත්තු වෙති.
පැයට කිලෝමීටර 80ක වේගයක් අපේක්ෂිත 'සී හෝක්' හි පියාසර කාලය පැය භාගයකි.
.jpg)
.jpg)
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

