පාසැල් ළමුන් 06 දෙනෙකුට ලිංගික අතවර සිදු කල ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
යාපනය පෙරියපුලමි මහා විද්‍යාලයේ 7 වසරේ ඉගෙනුම ලබන පාසැල් දැරියන් 06 දෙනෙකුට එම පාසැලේම සේවය කරනු ලබන විද්‍යා විෂය භාර ගුරුවරයා මෙසේ ලිංගික අතවර සිදුකර තිබේ.
යාපනය ළමා හා කාන්තා කාර්යාංශය වෙත ලැබුණු පැමිණිල්ලක්අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
සැකකාර ගුරුවරයා පන්ති කාමරයේදි දැරියන්ගේ අත් වලින් අල්ලා ශරිරය ස්පර්ශ කරන බවත් විටින් විට මෙම කි‍්‍රයාව සිදු කරන බවටත් තොරතුරු අනාවරණය වී ඇති අතර ඔහු ඊයේ (22දා) අත්අඩංගුවට ගෙන තිබේ.