සිරියාවේ ගුවන් ප්රහාර ගැන රුසියාවට නේටෝ අවවාද
සිරියානු විරුද්ධ පක්ෂ හා සිවිල් වැසියන් ඉලක්ක කරමින ගුවන් ප්රහාර එල්ල නොකරන ලෙස නේටෝ සංවිධානය විසින් රුසියාවෙන් ඉල්ලීමක් කර තිබේ.
මොස්කව් බලධාරීන් සිරියානු රජයට පක්ෂපාතී ගුවන් ප්රහාර එල්ල කිරීම ඇරඹීමෙන් පසුව නේටෝ සංවිධානය විසින් සිදුකළ ප්රථම නිවේදනය ලෙස මෙය සැලකෙයි.
කෙසේ වෙතත්, රුසියානු බලධාරීන් පෙන්වා දෙන්නේ ඔවුන්ගේ ඉලක්කය IS ඉස්ලාම් රාජ්ය අන්තවාදීන් බවයි. නමුත්, ඇමෙරිකාව ප්රමුඛ ඒකාබද්ධ සන්ධානය හා තුර්කිය පවසන්නේ රුසියාව විසින් සිරියානු විරුද්ධ පක්ෂ වෙතද ප්රහාර එල්ල කරන බවයි.
පසුගිය සෙනසුරාදා රුසියානු ප්රහාරක යානා තුර්කි ගුවන් සීමා උල්ලංඝනය කරන විට එරට ගුවන් හමුදා යානා විසින් රුසියානු යානාවල ගමන් මාර්ගයට බාධා කර ඇති බවද විදෙස් වාර්තා පවසයි.
නමුත්, රුසියාව පවසා ඇත්තේ යාත්රණයේ වූ දෝෂයක් හේතුවෙන් මෙසේ ගුවන් සීමා උල්ලංඝනය වී ඇති බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

