දිවයින පුරා පිහිටි පොලිස් ස්ථානවල ඇති සිර මැදිරි ආවරණයවන පරිදි CCTV කැමරා සවිකිරීමට පියවර ගන්නා ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට උපදෙස් ලබා දුන් බවට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා කියා සිටියේය.
අමාත්‍ය වරයා මේ බව කියා සිටියේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවක් අතරතුර මධ්‍යට අදහස් දක්වමිනි.
“අද මම පොලිස්පතිතුමාට කිව්වා දිවයිනේ පිහිටි සියලුම පොලිස් ස්ථානවල සිරමැදිරි තුළ CCTV කැමරා සවිකරන්න කියලා. එතකොට අපිට බලන්න පුලුවන් මොකද්ද වෙන්නෙ කියල. ඒ වගේම ඒකෙන් අපේ විශ්වාසය ගොඩනගා ගන්න පුලුවන්”