දිවයිනේ සියලු ධීවර වරායන් සඳහා ගිනි නිවීමේ උපකරණවලින් සමන්විත විශේෂ පද්ධති ස්ථාපිත කිරීමට ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ අවධානය යොමුව තිබේ.
ඒ සඳහා කඩිනම් අධ්‍යයනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරයා ධීවර දෙපාර්තමේන්තුවේ බලධාරීන්ට උපදෙස් දී තිබේ.
ඒ අනුව ගිනි නිවීමේ උපකරණ ක්‍රියා විරහිත වීම හා හදිසි අවස්ථාවකදී ජීවිතාරක්ෂාව මෙන්ම ජීවිත හානි අවම කරගැනීම පිළිබඳව ධීවර කාර්මිකයන්ට පුහුණුවක්ද ලබාදීමට නියමිතය.
පසුගියදා කුඩාවැල්ල ධීවර වරායේ ඇති වූ ගින්න හා ඉන් සිදුව ඇති හානි පිළිබඳව අවධානය යොමු කරමින් අමාත්‍යවරයා මෙම තීරණය ගෙන තිබේ.