සියල්ල එකතුකරගෙන ඉදිරියට යන වේදිකාවක් නිර්මාණය වෙලා
අපේ රටේ වෘත්තීය සමිති බොහොමයක් දේශපාලනික වශයෙනුත් විවිධ පක්ෂ වලට ඍජුව සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් ඒ විවිධ වූ දේශපාලන අරමුණු සමඟ අපි බද්ධ වෙලා තිබුණත් වර්තමාන දේශපාලනය තුළ ඒ සියල්ල එකතුකරගෙන ඉදිරියට යන වේදිකාවක් නිර්මාණය වෙලා තියෙනවා යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවති වෘත්තීය සමිති නායකයන් හමුවේදී ප්‍රකාශ කළේය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ සියඹලාපිටිය මහතා,
" මේ වන විට 98% ක් විදුලිය සම්පාදනය කරලා තියෙනවා. ඒ වගේම අපේ රටේ පැය 24 ම අඛණ්ඩව විදුලිය ලබා දෙනවා. ඒ වගේ විශාල වැඩ කොටසක් සිදු කරන ඔබතුමන්ලාට වගේම අපිට තව විශාල ඉලක්ක රාශියක් තියෙනවා ඉදිරියට කරන්න. ඒ ගමනේදී වැඩිම වගකීම් කොටස, කාර්යභාර්යය තියෙන්නේ ඔබතුමාලට යැයි අමාත්‍යවරයා " පැවසීය.
මෙම අවස්ථාව සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා, සහ අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතනයන්හි වෘත්තීය සමිති නායකයින් හා ක්‍රියාකාරීන් රැසක් සහභාගී වූහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

