මදුරුවන් මගින් පැතිරෙන සිකා වෛරසය පෙර සිතා සිටි තත්ත්වයට වඩා බරපතල බව බ්‍රසීල විද්‍යාඥයෝ පවසති.
මෙම වෛරසය ඇතුළු වූ ගර්භිණී මවුවරුන් පස් දෙනෙකුගෙන් එක් බිළිඳෙකුගේ ස්නායු පද්ධතියට මෙමගින් හානි පැමිණ ඇති බවද එම විද්‍යාඥයෝ පෙන්වා දෙති.
මෙම රෝගී තත්ත්වයෙන් බේරීම සඳහා පිළිපැදිය යුතු කරුණු පිළිබඳ සැලකිලිමත් වූ බ්‍රසීලයේ ඇතැම් ප්‍රදේශවල සිකා පැතිරීම අඩු වීමක් දක්නට ලැබුණත්, සිකා සඳහා අවශ්‍ය එන්නතක් සොයා ගැනීම තවමත් මුල් අදියරේ පවතින බැවින්, එම වෛරසය මෙම කලාපය පුරා යළි පැතිරීම වේගවත් වී ඇති බවද එම විද්‍යාඥයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.