'ජපනා හපනා' යනුවෙන් සිංහල කියමනක් ඇති බව තමා අසා ඇති බවත්, ඒ කියමනේ සඳහන් වන ආකාරයෙන්ම ඉහළ ව්යාපාරික දූත පිරිසක් තමන් සමග ශ්රී ලංකාවට පැමිණි බවත් ජපාන අග්රාමාත්ය ෂින්සෝ අබේ මහතා පවසා සිටියේය.
ඊයේ (7දා) දිවයිනට පැමිණි ජපාන අග්රාමාත්යවරයා එදින රාත්රී කොළඹ සිනමන් ග්රෑන්ඩ් හෝටලයේ පැවති ශ්රී ලංකා-ජපාන ව්යාපාරික සමුළුව අමතමින් මෙසේ අදහස් පළ කළේය.
"ජපනා හපනා යනුවෙන් සිංහල කියමනක් තිබෙන බව මා අසා තිබෙනවා. ඒ කියමනේ සඳහන් වන ආකාරයෙන්ම ජපානයේ ප්රමුඛ පෙළේ සමාගම්වල ප්රධානීන්ගෙන් සමන්විත ව්යාපාරික දූත පිරිසක් මා සමග ලංකාවට පැමිණියා. මා විශ්වාස කරන්නේ ශ්රී ලංකාවේ ආර්ථිකයට ඔවුන්ගෙන් දායකත්වයක් ලැබෙනු ඇති බවයි. ශ්රී ලංකාවේ අනාගතය උදෙසා මේ ව්යාපාරික සමුළුවෙන් ප්රයෝජන ගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා." යනුවෙන් ජපන් අග්රාමාත්යවරයා පවසා සිටියේය.