දෙමළ ජාතිකයකු වීම නිසා තමා අතීතයේ පීඩාවට පත් වූ ආකාරය ප්‍රකාශ කිරීමට දැන් අවශ්‍යතාවක් නැති බවත්, සිංහල සහ දෙමළ දෙපිරිසම නපුරු දේ කර ඇති බවත් මුත්තයියා මුරලිදරන් පවසා තිබේ.
ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය විසින් ක්‍රීඩකයන්, කලාකරුවන්, සහ දේශපාලකයන්ගේ සහභාගිත්වයෙන් කොළඹ පැවති ජාතික සමගිය පිළිබඳ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මුරලිදරන් මෙම අදහස් දක්වා තිබේ. අප්‍රියෙල් 7 වැනිදා ආරම්භ කෙරෙන ජාතිය ගොඩනැගීමේ මහා සමුළුව පිළිබඳ නිවේදනය කිරීමට මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.
‘අතීතය හෑරීමෙන් ලැබිය හැකි ජයග්‍රහණයක් නැහැ. සිංහල සහ දෙමළ දෙපිරිසම නපුරු දේ කළා' යැයි මුත්තයියා මුරලිදරන් මෙහිදී පවසා තිබේ.
‘විවිධත්වයෙන් අලංකෘත ජාතික සමගිය’ යන්න මාධ්‍ය හමුවේ තේමාව ලෙස ප්‍රකාශයට පත්වූයේ යැයි බී.බී.සි.ය පවසයි.