සෑම ජාත්‍යන්තර සමුළුවකදීම පාකිස්ථානය ශ්‍රී ලංකාවට පූර්ණ සහයෝගය ලබාදෙන බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය නවාස් ෂෙරිෆ් මහතා පවසා සිටියේය.
ඉස්ලාමාබාද් නුවර පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමග පැවති විශේෂ හමුවකදී පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය.
“සෑම ජාත්‍යන්තර සමුළුවකදීම පාකිස්ථානය ශ්‍රී ලංකාවට පූර්ණ සහයෝගය ලබාදෙනවා. නිව්යෝක් නුවරදී හා කොළඹ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවේදී ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැක්වූ සුහදශීලී මිත්‍රත්වය මා ඉතාම අගය කරනවා.
මේ තුළින් , ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර දෙරටේ මිත්‍රත්වය වඩ වඩාත් තහවුරු වී තිබෙනවා. ඒ සඳහා දෙරට අතර දේශපාලන සබඳතාවක් වර්ධනය වී තිබෙනවා.
ඒ වගේම, ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අප රටේ සංචාරයක යෙදෙන ලෙසද මා ආරාධනා කරනවා” යැයි පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස අමාත්‍යවරයා මෙම සාකච්ඡාවට සහභාගී විය.