මේ වනවිට රට ලබාගෙන තිබෙන ණය ප්‍රමාණය අනුව උපයන සෑම රුපියලකින්ම ශත 80ක් ණය ගෙවීමට සිදුව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා මහතා සඳහන් කළේය.
ආර්ථික තත්ත්වය ගැන කුමන දේශපාලඥයා කතා කළද ලබන වසරේදී සමස්ත ණය වාරිකය ඩොලර් බිලියන 4.4ක් බව හෙතෙම පැවසීය.
2017 වසරේ අයවැය හිඟය 4.7ක් බවත්, මේ සඳහා මුදල් සොයාගැනීමට රජයට සිදුව තිබෙන බවත් අද (03දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා පවසා සිටියේය.