ත්‍රිකුණාමලය සාම්පූර් ගල් අඟුරු බලාගාරය ඉදි නොකළත් ශ්‍රී ලංකාවේ අඛණ්ඩ විදුලි සම්පාදනයක් ලබා දීම වෙනුවෙන් අවශ්‍ය විදුලි බලාගාර නිසිකලට අවශ්‍ය ධාරිතාවෙන් ඉදිකරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එසේම ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන ක්‍රියාදාමය හා ඒ අනුව සිදුවන විදුලි ඉල්ලුම ඉහළ යාමේ තත්ත්වයට සරිලන පරිදි අවශ්‍ය ජනන ධාරිතාවය සමන්විත විය යුතු ජනන සම්මිශ්‍රණය පිළිබඳ අධ්‍යනය කර වාර්තා කිරීමට විශේෂඥයින්ගෙන් සමන්විත ස්වාධීන කමිටුවක් පත්කර ඇති අතර, එම කමිටුවේ අධ්‍යයන වාර්තාව සැළකිල්ලට ගෙන ඉදිරි ජනන බලාගාර ඉදිකිරීමේ කටයුතු සිදුකිරීමට නියමිත බවද එම නිවේදනයේ වෙයි.