ඉදිරි මැතිවරණයේදී දිස්ත්රික්ක 05 කට තරග කිරීම සඳහා ස්වධීන කණ්ඩායම් 05ක් අද (02දා) වනවිට ඇප මුදල් තැන්පත් කර තිබේ.
කළුතර, නුවරඑළිය, දිගාමඬුල්ල, පුත්තලම, අනුරාධපුර දිස්ත්රික්ක සඳහා තරග කිරීම වෙනුවෙන් මෙම ඇප මුදල් තැන්පත් කර ඇත.
මැතිවරණයට තරග කරන පක්ෂ වලට ඇප මුදල් තැන්පත් කිරීමට ජුනි 27 වැනිදා සිට ජූලි 13 වැනිදා දහවල් 12.00 දක්වා කාලය ලබාදී තිබේ.