ස්පාඤ්ඤයේ ජුආන් කාර්ලෝස් රජු සිය රජකම අත්හැරීමට තීරණය කර ඇති බව එරට අගමැති මරිආනෝ රජෝයි නිවේදනය කරයි.
76 වැනි වියෙහි පසුවන කාර්ලෝස් රජු 1975 වසරේ සිට ස්පාඤ්ඤයේ රජකම දැරීය.
ඒ අනුව, කාර්ලෝස් රජුගෙන් හිස්වන ස්පාඤ්ඤ රාජකීයත්වය, ඔහුගේ පුත්, 45 හැවිරිදි ෆිලිපේ කුමරු වෙත හිමිවනු ඇති බව වැඩිදුරටත් කියැවෙයි.
සිය රාජකීයත්වයේ වඩාත් ප්‍රකට හා ලොව පුරා ජනාදරයට පත්වූ රාජකීයයෙකු ලෙස කාර්ලෝස් රජු එදාමෙදා තුර කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
නමුත්, රජුගේ දියණිය හා ඔහුගේ බෑනා සම්බන්ධයෙන් ඇති වී තිබෙන දූෂණ චෝදනා සමග මේ වනවිට ස්පාඤ්ඤ රජ පෙළපත එරට ජනතාවගේම දෝෂ දර්ශනයට ලක්ව ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.