සයිටම් ගැටලුව විසඳීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද කමිටුව සයිටම් ආයතනය නීතිගත කිරීම සඳහා අවශ්‍ය පසුබිමක් සකස් කර වාර්තාවක් ලබාදී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ නිසා සයිටම් ගැටලුවට විසඳුම් ලැබීම වෙනුවට එම ගැටලුව තව තවත් අර්බුදයකට ලක්කර තිබෙන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
මේ නිසා අදාළ කමිටු වාර්තාව නිරීක්ෂණය කර වාර්තාවක් ලබාගැනීමට සංගමයේ උප සභාපති විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ බවත්, කමිටු වාර්තාව හෙට (19දා) දිනයේ ලබාදීමට නියමිත බවත් අද (18දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.
කමිටු වාර්තා ලැබීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවද හෙතෙම පවසා සිටියේය.