ලෝක කුසලාන තරගාවලියෙන් පසු ජාත්‍යන්තර එක්දින පිටියට සමුදීමට තමන් තීරණය කර හෝ ඒ ගැන සිතාවත් නොමැති බව ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් පවසයි.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ (16දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඩිල්ෂාන් මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඩිල්ෂාන්,
“ලෝක කුසලාන තරගාවලියෙන් පසු එක්දින පිටියට සමුදෙනවද කියලා තවම තීරණය කරලා නැහැ. මේ විදියට තවදුරටත් තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන්න හැකිවුවහොත් මට තව වසර දෙකක් පමණ ක්‍රීඩා කරන්න පුළුවන් කියලා මම හිතනවා. ඒ අතරතුර මට හිතුණොත් දැන් මගේ කාලය හරි කියලා එදිනට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නවා. නමුත් විස්සයි20 හෝ එක්දින තරගවලින් දැන්ම සමුගන්නවාද හෝ නැද්ද කියා තවම හිතලවත් නැහැ” යැයි ඩිල්ෂාන් පවසා සිටියේය.