සම්මත කරගත් ඖෂධ පනතෙන් ජනතාවට යහපතක් නෑ
ඖෂධ සමාගම් විසින් සිදුකරන රෝගී ජනතාව සූරාකෑම නවතා දැමීමට සහ ගුණාත්මක ඖෂධ ජනතාවට ලබාදීමට ආණ්ඩුව විසින් සම්මත කරගත් ජාතික ඖෂධ පනත තුළින් රටේ ජනතාවට කිtසිදු යහපතක් උදානොවන නිසා මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ පනත රට තුළ ක්‍රියාත්මක කර ගැනීමට ජනතාව පෙළගස්වන බව සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරී සංගමය සඳහන් කරයි.
මහජන නියෝජිතයන් 225 ක් නියෝජනය කරන පාර්ලිමේන්තුව තුළින් මහජන නියෝජිතයන් 68 දෙනෙකුගේ කැමැත්ත මත පමණක් සම්මත කරගත් ජාතික ඖෂධ පනත මහාචාර්ය සේනක බිබිලේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය බවට එම පිරිස් සඳහන් කරන නමුත් එය මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය නොවන බවද එම සංගමයේ සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක මහතා සඳහන් කළේය.
සම්මත කරගත් පනත මහාචාර්ය සේනක බිබිලේ ප්‍රතිපත්තිය බවට සඳහන් කරන ඕනෑම කෙනෙකුට ඒ සඳහා විවාදයකට ආරාධනා කරන බවද පවසා සිටියේය.
මහාචාර්ය සේනක බිබිලේ ප්‍රතිපත්තියට අනුව රට තුළ අලෙවි වන සහ භාවිත වන සියලුම ඖෂධ, ඖෂධ නාමයෙන් පමණක් භාවිත කළයුතු බවත්, මීට අමතරව ඖෂධ ගෙන්වීම සඳහා එක් ආයතනයක් පමණක් ස්ථාපිත වී රටට අවශ්‍ය ඖෂධ ලැයිස්තුවක් සකස් කළ යුතු බවත් වෛද්‍ය ගිෂාන්ත දසනායක මහතා සඳහන් කළේය.
එහෙත් පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් පනත තුළ එවැනි කිසිදු දෙයක් ඇතුළත් වී නොමැති බැවින් මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කර ඒ සඳහා ජනතාව පෙළගස්වන බවද කියා සිටියේය.
මීට අමතරව එදින පාර්ලිමේන්තුව තුළ නොසිටි සියලුම මහජන නියෝජිතයන් මේ පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කරන බවත්, මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය රට තුළ ක්‍රියාත්මක කර ගැනීම සඳහා එම පිරිසගෙන් සහයෝගය ලබාගන්නා බවත් හෙතෙම සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

