ග්‍රෑම් 400ක් බරැති රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනාකමින් යුතු රන් බිස්කට් 4ක් ගුද මාර්ගයේ සඟවා ගෙන පැමිණි මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා පැවසීය. අද අළුයම 1.30ට පමණ සිංගප්පූරුවේ සිට පැමිණි ගුවන් යානයකින් එම පුද්ගලයා පැමිණ ඇති අතර ඔහු බොරැල්ල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයකු බව තහවුරුවී තිබේ.