සම සෞඛ්‍ය උපාධි පාඨමාලාවේ කාල සීමාව පිළිබඳ පැන නැගී ඇති ගැටලුව අනිවාර්යයෙන්ම විසඳිය යුතු ප්‍රශ්නයක් බවත් ඒ පිළිබඳව පාර්ලිමේන්තු කමිටුවක් කථානායකවරයා විසින් පත්කර ඇතැයිද ජනමාධ්‍ය හා ප්‍රවෘත්තිය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ (19දා) ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍යාංශයේදී පැවසීය.
කථානායකවරයා විසින් පත් කරන ලද කමිටුව විසින් ගෙන එන ලබන යෝජනා අද (20දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි හෙතෙම විශ්වාස කරන බවද පැවසීය.
තවද එක්සත් ජාතික පක්ෂය විසින් අද (20දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන විශ්වාසභංග වාර්තාව සම්බන්ධ ඡන්ද වීමසීමට සන්ධානයේ සියලුම ඇමතිවරුන් මන්ත්‍රීවරුන්ට ආරාධනා කර ඇති බවද පැමිණීම ආනිවාර්යය කර ඇතැයිද කෙහෙළිය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.