අන්තිම සිසුවාත් විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත්වන තුරු සබරගමුව විවෘත කරන දිනය නිශ්චිතව කිව නොහැකියි
- උපකුලපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතා අවධාරණය කරයි.
විශ්වවිද්‍යාල භූමියෙහි අයථා ලෙස රැඳී සිටින අවසාන සිසුවා දක්වාම විශ්වවිද්‍යාල භූමියෙන් ඉවත්වන තුරු සබරගමුව විශ්වවිද්‍යාලය විවෘත කිරීම තවදුරටත් පමාවිය හැකි බව සබරගමුව විශ්වවිද්‍යාලයයේ උපකුලපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතා අවධාරණය කරයි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ වත්මන් තත්ත්වය පිළිබඳව 'අද' ඔහුගෙන් කරන ලද විමසීමකදී අදහස් දැක්වූ උපකුලපතිවරයා මෙසේ පැවසීය.