සන්ධානයඉදිරි ජනාධිපතිවරණ ඡන්ද සටන අරඹා ඇති බවත් බරපතළ ලෙස මැතිවරණ නීතිරීති උල්ලංඝනය කරන බවත්, එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ ජනතා බදු මුදලින් අරලියගහ මන්දිරයේ දන්සල් දීම ආරම්භ කර තිබෙන බවයි.
එසේම අතීතයේදී අගමැතිවරුන්, ජනපතිවරුන් අරලියගහ මන්දිරයේ හා හයිඩ්පාර්ක් පිටියේ වෙනස පිළිබඳ මනා අවබෝධයකින් සිටි බවත්,ඔවුන් හයිඩ්පාර්ක් පිටියේ කළයුතු දේ අරලිය ගහ මන්දිරයේ සිදු නොකළ බවත් කරු ජයසූරිය මහතා කියයි.
“ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් මේස 160කින් සමන්විත මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් මේ වන විට අරලියගහ මන්දිරයේ ස්ථාපිත කර ඇත. ඊට අමතරව, දිනපතාම බලහත්කාරයෙන් මෙන් රාජ්ය සේවකයන් කැඳවමින් විවිධ තේමා යටතේ එහි උත්සව පවත්වමින් සිටී.මෙය දේශපාලනය පිළිබඳප්රශ්නාර්ථයක් මෙන්ම සංස්කෘතිය පිළිබඳවද ප්රශ්නයක් වනුයේ එවැනි පසුබිමක ය. ” යනුවෙන් කරු ජයසූරිය මහතා පවසයි.