සතොස ආයතනය හෝ කිසිදු රාජ්ය ආයතනයක් විකුණා දැමීමට කටයුතු නොකරන බවත්, සතොස ඇතුළු රාජ්ය ආයතන සියල්ලම ඉදිරියේදී ශක්තිමත් ආයතන බවට පත්කරන බවත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සඳහන් කරයි.
සතොස ආයතනය විකුණා දැමීමට සැලැස්මක් තිබෙන බවට සිදුකරන ප්රචාරයන් පිළිබඳව %අද^ කළ විමසීමකදී අග්රාමාත්යවරයා මේ බව සඳහන් කළේය.
සතොස ආයතනය ලාභ උපයන ආයතනයක් බවට පත් කිරීම සඳහා සතොස නගා සිටුවීමට රුපියල් මිලියන 7400 ක් යෙදවීමට රජය අපේක්ෂා කරන බවද අග්රාමාත්යවරයා සඳහන් කළේය.
සිල්ලර වෙළෙඳාම් කටයුතු පමණක් සිදුකරන සතොස ආයතනය ඉදිරියේදී තොග වෙළෙඳාම සිදුකරන ආයතනයක් බවට පත්කළ යුතු බවත්, සතොස වැඩිදියුණු කරමින් ජනතාවට සහන මිලට භාණ්ඩ ලබාදීම සතොස හා කළමනාකාරීත්වයේ ප්රමුඛ වගකීමක් වන බවත් අග්රාමාත්යවරයා සඳහන් කළේය.