(VIDEO) විදෙස් රටකට සතුන් යැවීමේදී සතුන්ගේ වයස හෝ කාලය අදාළ නොවන බවත්, තමන් සුදුසු යැයි තීරණය කරන ඕනෑම සත්ත්වයකු ඉදිරියේදී විදෙස් රටවලට යවන බවත් උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය ජයරත්න හේරත් සහ එම අමාත්‍යාංශ ලේකම් විලී ගමගේ මහත්වරු ඊයේ (19දා) පැවසූහ.
එසේම අවුරුදු 05 ක් නොව අවුරුදු 03 ක් පමණ සතුන්ද විදෙස් රටවලට ලබාදිය හැකි බවත් ලේකම්වරයා පැවසීය.
මෙම මාධ්‍ය හමුව වාර්තා කිරීමට ඊයේ (19දා) දින විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සියල්ල අමාත්‍යාංශයට පැමිණි තිබූ අතර විද්‍යුත් මාධ්‍ය ඉවත්කර මුද්‍රිත මාධ්‍ය සමග පමණක් මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමට අමාත්‍යවරයා කටයුතු කිරීමට සූදානම් වීම නිසා කලබලකාරී තත්ත්වයක්ද ඇති විය.
මේ ප්‍රවෘත්තියට අදාළ වීඩියෝව පහතින් නරඹන්න