බොරැල්ලේ පිහිටි ගොඩනැගිල්ලක අයිතිය තමන් වෙත බාරදීමට හිටපු විදේශ කටයුතු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට සහ ඔහුගේ බිරිඳට නියම කරන්නැයි ඉල්ලමින් ඔවුන්ට එරෙහිව පෞද්ගලික මූල්‍ය සමාගමක් කොළඔ දිසා අධිකරණය හමුවේ නඩු පවරා ඇත.
පසුගිය මාර්තු මාසයේ සිට ගොඩනැගිල්ලේ අයිතිය බාර දෙනතුරු දිනකට රුපියල් ලක්ෂය බැගින් මුදලක් අයකර දෙන ලෙසද අදාළ සමාගම නඩුව මගින් අධිකරණයෙන් ඉල්ලීමක්ද කොටඇත.