හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මෙන්ම මිහින් ලංකා සමාගමේ හිටපු ප්රධාන විධායක නිලධාරියාද වෙන සජින් වාස් ගුණවර්ධන මහතා රුපියල් ලක්ෂ 2.5ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හැරිමට කොළඹ මහේස්ත්රාත් ගිහින් පිලපිටිය මහතා අද (20දා) නියෝග කළේය.
මිහින් ලංකා සමාගමේ ප්රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කිරීමේදී කරන ලද ගනුදෙනුවලදී රජය රැපියල් කෝටි 88.3ක පාඩුවක් කළ බව සඳහන් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනු කළ නඩුවකට පොනී සිටීම සඳහා අධිකරණයට පැමිණි අවස්ථාවේදී ඔහුව මෙසේ ඇප මත මුදා හළේය. නඩුව නැවතත් නොවැම්බර් මස 04 දා විභාගයට ගැනීමට නියමිතය.