සකුරා දේශයේ සිරිලක් සූර්ය මංගල්‍යය
ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික එකමුතුව සහ ජපානයේ ශ්‍රී ලාංකික ස්වේඡා සංවිධාන එක්ව ජපානයේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ උපදේශකත්වයෙන් හා අනුග්‍රාහකත්වයෙන් යුතුව සකුරා දේශයේ සිරිලක් සූර්ය මංගල්‍යය පසුගිය අප්‍රේල් 26 දාටෝකියෝ හි චොෆු නගරයේ දී ජපානයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් මෙන්ම ජපන් ජාතිකයින්ගේ ද සහභාගීත්වයෙන් දවස පුරාවටම පවත්වන්නට යෙදුණි.
ජපානයේ ශ්‍රී ලාංකික ශිෂ්‍ය සංගමය විසින් ආරම්භ කළ සකුරා දේශයේ සිරිලක් සූර්ය මංගල්‍යය මෙවර ද ශ්‍රී ලාංකික සංස්කෘතික අංග රැසකින් මෙන්ම හෙළ සිරිත් විරිත් වලින් ද වර්ණවත් වූණි. අතීතයේ සිටම එකම මවගේ දරුවන් ලෙසින් ශ්‍රී ලාංකිකයන් ලෙස ජීවත්වන සියළු ජාතීන්ට ආවේණික වූ ඇඳුම් පැළඳුම් සංකේතවත් කළ විලාසිතා දැක්ම උත්සවයේ කැපී පෙනුණු අංගයක් විය.එමගින් විවිධ ජාතිකත්වයන් අතර සහජීවනයෙන් යුතු ශ්‍රී ලාංකිකත්වයේ අනන්‍යතාවය ගෙනහැර දැක්වීය.
.jpg)
.jpg)
එමෙන්ම අවුරුදු සමයේ දී වැඩි වශයෙන් අප නෙත ගැටෙන සහ අප කණ වැකෙන රබන් පද, රබන් වාදනය හා බැඳිරබන් සංස්කෘතියක් බිහිවීම සම්බන්ධයෙන් ද අවබෝධයක් ලබාදුන් ප්රසාංගික වැඩසටහන් රැසකින්ද අවුරුදු උළෙල පොහොසත් විය. මෙම වැඩසටහන් සූර්ය මංගල්‍ය උළෙලට අමතර අලංකාරයක්, දීප්තියක් එක් කළේය. ශ්‍රී ලංකාවට ආවේණික සාරවත් අවුරුදු කෑම මේසය ලාංකිකයන්ට මෙන්ම ජපන් ජාතිකයින්ට ද රස බැලීමේ අවස්ථාව ද සලසා දී තිබුණි.
.jpg)
.jpg)
තවද ජපානයේ ශ්‍රී ලංකා අවුරුදු උළෙලේ අසිරිය වඩාත් ඔප් නැංවු ආකර්ශණීය හා සුවිශේෂීම අංගය වූයේ සකුරා දේශයේ සිරිලක් අවුරුදු කුමරිය හෙවත් උළෙලේ සුන්දරම රුවැත්තිය තෝරා ගැනීමේ තරග අංගයයි. මේ සඳහා තරඟ වැදීමට ශ්‍රී ලාංකික සොදුරු රුවැත්තියන් වගේම ජපන් ජාතික සොදුරු රුවැත්තියන්ටද අවස්ථාව හිමිවිණි. ඒ නිසා මෙය සාමාන්‍ය අවුරුදු කුමරිය තෝරා ගැනීමේ තරගයක් ඉක්මවූ ජාත්‍යන්තර මට්ටමේ තරගයක් බවට පත්විය. ජපන් රටේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට තමන් සමග සහෝදරත්වයෙන් ජීවත්වන ජපන් ජාතිකයන් අමතකව නොමැති බව පෙන්වමින් ඔවුන්ටත් අපේ රටේ සුන්දර අත්දැකීම් බෙදාහදා ගැනීමට ඉඩ හසර සලසාදීමේ අරමුණත් පෙරදැරිව මෙම තරඟය සංවිධානය කර තිබුණි.
.jpg)
2015 සකුරා දේශයේ සිරිලක් අවුරුදු කුමරිය ලෙස ශෂිකලා රාජපක්ෂ කිරුලු පැළදි අතර එහි දෙවැනි ස්ථානය තිලිණි හර්ෂනි විසින් ද තෙවැනි ස්ථානය මල්කි ඉරුෂි විසින් ද හිමිකර ගත්තේය. එමෙන්ම ජපන් අවුරුදු කුමරිය ලෙස හරුමි නකමුරා අභිසෙස් ලැබීය.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

