සංක්‍රමණිකයන් සඳහා වන අන්තර්ජාතික සංවිධානයේ (International Organization for Migration - IOM) ප්‍රධානි ගියුසෙප්පේ ක්රොසෙට්ටි (Giuseppe Crocetti) මහතා සහ ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අතර හමුවක් ඊයේ දින (06) ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණ.
මෙම සුහද හමුව අතර තුර ක්රොසෙට්ටි මහතා විසින් ජාත්‍යන්තර සංක්රමනික සංවිධානයේ මෙරට වැඩ සටහන පිළිබඳව ආරක්ෂක ලේකම් හෙට්ටිආරච්චි මහතා දැනුවත් කළේය.