ෂාරුක් පොලිස් කාන්තාවක සමග නර්තනයෙන් ඉන්දියාව පුරා ආන්දෝලනයක්
බොල්වුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන් සමග ඉන්දීය පොලිස් කාන්තාවක ප්රසිද්ධ වේදිකාවක නර්තනයේ යෙදීම හේතුවෙන් ඉන්දියාව තුළ දැඩි ආන්දෝලනයක් ඇති වී තිබේ.
බටහිර බෙංගාල ප්රාන්තයේ පොලිස් දෙපාර්තමේන්තු වාර්ෂික සංස්කෘතික උත්සවයක් අතරතුර මෙම නර්තනය දැකගන්නට ලැබී තිබේ.
ඇතැම් අවස්ථාවල පොලිස් නිලධාරිනිය දෑතින් ඔසවා ගෙන ෂාරුක් ඛාන් නර්ථනයේ යෙදුණු බවද කියයි.
ඉන්දියාවේ විරුද්ධ පක්ෂ දේශපාලඥයන් මෙය දැඩි දෝෂදර්ශනයට ලක්කර ඇති අතර, පොලිස් නිලධාරිනියකට සිය නිල ඇඳුමින් නර්තනයේ යෙදීමට අවස්ථාව ලබාදීම තුළ පොලීසියේ ගෞරවය කෙළෙසී ඇති බව පවසයි.
බටහිර බෙංගාල මහ ඇමතිවරයාද මෙම අවස්ථාවට සහභාගි වී සිට ඇතත් ඔහු මෙම නර්තනයට කිසිදු විරෝධයක් නොදක්වා ඇති බවද පැවසෙයි.
කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරිනිය හෝ ෂාරුක් ඛාන් මෙතෙක් අදහස් දක්වා නොමැති බවද ඉන්දියාවෙන් වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

