ශිරන්ති රාජපක්ෂ මහත්මිය මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවීම අසාධාරණ ලෙසත්,සිරිලිය ගිණුම නිදහස් කරදෙන ලෙසත් ඉල්ලමින් මාධ්‍ය හමුවක් පැවැත්වීමට පැමිණි ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ආධාරකරුවෝ අද (01දා) අසරණ වූහ.
පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය තුළ කැඳවා තිබූ මාධ්‍ය හමුව සංවිධානය කර තිබූ හෝ කැඳවා තිබූ කිසිවෙකු එතැන නොසිටීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත විය.
දරුවන් සමග එතැනට පැමිණි දෙමාපියන් කියා සිටියේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිරිලිය ගිණුම හරහා තමන්ට නොසෑහෙන උදවු කළ බවත්, ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් ඕනෑම තැනකට යාමට සූදානම් බවත්ය. කෙසේ වෙතත් මාධ්‍යවේදීන් ඔවුන්ගෙන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දීමට පවා ඔවුහු අපොහොසත් වූහ.
මාධ්‍ය- මේක සංවිධානය කරන්නෙ කවුද?
ආධාරකරුවෝ- අපි ඒක දන්නේ නැහැ
මාධ්‍ය- එහෙනම් මෙතෙන්ට එන්න කිව්වෙ කවුද ඔයාලට
ආධාරකරුවෝ- අපි එයාව අදුරන්නෙ නැහැ. ඒන්න කිව්වා. අපි ආවා.
මාධ්‍ය- වෙනකවුරු හරි එහෙම කිව්වොත් ඔයාලා යනවද?
ආධාරකරුවෝ- ඔව් ශිරන්ති මහත්මිය වෙනුවෙන් එනවා.
මාධ්‍ය-මොකද්ද කියන්න තියෙන්නෙ
ආධාරකරුවෝ- ශිරන්ති මහත්මියව අත්අඩංගුවට ගන්න එපා කියලයි සිරිලිය ගිණුම නිදස්කරන්න කියලයි.
මාධ්‍ය-ඔව් ඉතිං ඒක කියන්න කවුද එන්න කිව්වේ.
ආධාරකරුවෝ- අපි ප්‍රවෘති වලින් දැකලයි ආවේ, කවුරුත් කිව්වෙ නැහැ.
කෙසේවෙතත් මාධ්‍ය වෙත මෙය ආවරණය කිරීම සඳහා පැමිණෙන් ලෙස දැනුම් දී තිබුණේ මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතාය.
ඡායාරූප ඉසුරු පෙරේරා