ශ්‍රී ලාංකිකයන් සඳහා විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රයක් (e-Passport) හඳුන්වාදීම හා නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් මේ සඳහා මූලික කටයුතු ආරම්භ කර තිබේ. විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රය ජාතික ඩිජිටල්කරණ වැඩසටහන යටතේද අත්‍යවශ්‍ය අංගයක් වශයෙන් හඳුනාගෙන ඇත.
මේ හරහා අයිතිකරුගේ ජීවදත්ත ඇතුළත් ආරක්ෂිත විද්‍යුත් චිපයක් (Chip) සහිත විද්‍යුත් ආකෘතියකින් යුත් විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරිමට නියමිතය.
එම ව්‍යාපෘතිය නිසි අධ්‍යයනයකින් අනතුරුව රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයක් යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා සහ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ කැබිනට් යෝජනාවට ඊයේ (02දා) අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.