ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බොලීවියා ජනාධිපති මාලිගයේදී එරට ජනාධිපති ඊවෝ මොරලෙස් අයිමා මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇති අතර, එහිදී බොලීවියා ජනාධිපතිවයා පවසා ඇත්තේ
ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තමා සූදානම් බවය.
මෙහිදී, තමාගේ බොලීවියානු චාරිකාව දකුණු ඇමරිකානු රාජ්‍යයන් සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල හා ආර්ථික, වෙළෙඳ සබඳතාවල නව ආරම්භයක් බව කී රාජපක්ෂ මහතා, නව ජාතීන් සමග මිත්‍ර සබඳතා ඇතිකර ගැනීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවද සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකාවේ දේශපාලන, ආර්ථික, කර්මාන්ත, ආනයන හා අපනයන ක්ෂේත්රවල තොරතුරු විමසූ මොරලෙස් මහතා ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වන බව පෙන්වා දී ඇත. බොලීවියාවේ ඇඟලුම් කර්මාන්තය දියුණු කිරීම සඳහා උදව් කළ හැකිදැයි රාජපක්ෂ මහතාගෙන් විමසා සිටි හෙතෙම, ඇඟලුම් කර්මාන්තය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් විශේෂඥ දැනුමක් සහිත කණ්ඩායමක් එවන්නැයි ඉල්ලා තිබේ. ඒ සඳහා රාජපක්ෂ මැතිතුමා කැමැත්ත පළ කළේය.
ශ්‍රී ලංකාවෙන් බොලීවියාවට කුරුඳු ආනයනය කර ගැනීමේ ඉඩකඩ පිළිබඳව විමසූ බොලීවියානු ජනාධිපතිවරයා, ජල විදුලි උත්පාදන ක්ෂේත්රයේ ශ්‍රී ලංකාවේ අත්දැකීම් බෙදාගැනීමටද තම රට කැමැත්තෙන් සිටින බව කියා ඇත.
ශ්‍රී ලංකාවේ චාරිකාවක් සඳහා එන්නැයි රාජපක්ෂ මහතා මෙහිදී කළ ආරාධනය බොලීවියානු ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇතැයිද පැවසෙයි.
විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, විදේශ කටයුතු අමාත්‍යංශ අධීක්ෂණ මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, විදේශ අමාත්‍යංශ ලේකම් ෂෙනුකා සෙනෙවිරත්න සහ සිනමා සංවර්ධනය පිළිබඳ ජනාධිපති උපදේශක රවීන්ද්‍ර රන්දෙනිය යන මහත්ම මහත්මීහු සාකච්ඡාවට එක්ව තිබේ.