ශ්‍රී ලංකාවෙන් ඉන්දියාව බලාගිය ශ්‍රී ලංකා ජාතිකයෙකු තිරුචි ගුවන්තොටුපොළ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ද හින්දු පුවත් සේවය පැවැසුවේ එම්. විජේකුමාර් නැමැති මෙම ශ්‍රී ලංකා ජාතිකයාට තමන්ගේ ලිපිනය, නැවතී සිටින ස්ථානය හා දේශීය දුරකතන අංකය පැවැසීමට නොහැකිවීම හේතුවෙන් ගුවන්තොට අාරක්ෂක අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි.
ඊයේ (29දා) සවස ඉන්දියාව බලා පිටත්ව ඇති මෙම පුද්ගලයා අද (30දා) නැවතත් ශ්‍රි ලංකාව බලා පැමිණීමට නියමිතව තිබුණ බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. ඉන්දියාවේ බුද්ධි අංශ නිලධාරීන්ද විජේකුමාර්ගෙන් ප්‍රශ්න කරමින් තිබෙන බව ඔහු අද (30දා) නැවතත් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නියමිත බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.