පාසල් ක්‍රීඩකයන් අතර වෙළෙඳ පොළේ අලෙවි වන ශක්තිජනක පානයන් (Energy drink) ජනප්‍රිය වී ඇති බවත්, එම ශක්තිජනක පානයන් කුඩා ළමුන්ගේ ශරීරයට ඉතා අහිතකර බව ජාතික විස තොරතුරු මධ්‍යස්ථානයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පවසයි.
කොළඹ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ශ්‍රවණාගාරයේදී පෙරේදා (28 දා) පැවැති ළමා සුරැකුම් සතිය ප්‍රකාශයට පත්කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරයා මේ බව පවසා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම පවසා සිටියේ, අවුරුදු 12ට අඩු දරුවන්ට කිසිසේත්ම ශක්තිජනක පානයන් ලබා නොදෙන ලෙස දෙමාපියන්ගෙන් හා ක්‍රීඩා පුහුණුකරුවන්ගෙන් ඉල්ලා සිටින බවයි.
මෙම ශක්ති ජනක පානවල කැෆේන් හා හෘද ක්‍රියාකාරීත්වය වේගවත් කරන රසායනික හා විවිධ රසායනික අඩංගු බවත්, ඒ හේතුවෙන් දරුවන්ට මෙම පාන වර්ග ලබාදීම ඉතා අහිතකර බවත් ඒ මහතා පවසා සිටියේය.
විශේෂයෙන් පිහිනුම් හා රගර් ක්‍රීඩාවේ යෙදෙන පාසල් ක්‍රීඩකයන් අතර ජනප්‍රිය මෙම ශක්ති ජනක පානයන් භාවිතය නවතා දැමිය යුතු බව අධ්යක්ෂවරයා පවසා සිටියේය.