මැයි මස 03 සහ 04 යන දෙදිනට යෙදී තිබෙන වෙසක් උත්සවය නිමිත්තෙන් 2015 අප්‍රේල් මස 30 වැනි දින සිට මැයි මස 06 වැනි දින දක්වා වූ සතිය ජාතික වෙසක් සතිය ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත.
මෙවර වෙසක් තේමා පාඨය 'මෙත් සිතින් ගුණ වඩමු' යන්නයි. වෙසක් පුන්පොහෝ දිනය නිමිත්තෙන් 2015 මැයි මස 03 සහ 04 යන දෙදින දිවයිනේ පිහිටි සියලුම සුරාසල් වසා තැබීමටත්, සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමටත්, මස් මාංස අලෙවිසල් වසා තැබීමටත් රජය තීරණය කර ඇත.
එමෙන්ම සුපිරි වෙළෙඳ සැල්වල මස් මාංස හා මත්පැන් අලෙවි කිරීම නැවැත්වීමට කටයුතු කරන ලෙසත් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්.ඩී.බී. බොරලැස්ස මහතා දන්වා සිටියි.