කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලයේ විදුහල්පති ඉවත් කරන ලෙස ඉල්ලමින් එම විදුහල ඉදිරිපිටදී අද (10දා) උද්ඝෝෂණයක් පැවැත්විණි. ගෙල වැලලාගෙන සිය දිවි හානි කරගත් වෙනූෂා ඉමන්දි ශිෂ්‍යාවට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලමින් මිය ගිය සිසුවියගේ පවුලේ ඥාතීහු මෙම විරෝධතාව පැවැත්වූහ.
වෙනූෂාගේ මරණයට විදුහල්පති වගකිව යුතු බව සඳහන් කරමින් ඔවුහු මෙසේ විරෝධතාවයේ යෙදී සිටියහ.
ගීතාංජලී ප්‍රියදර්ශණී/ බී.එම්.ජේ. බණ්ඩාර