වෙන්නප්පුව තඹරවිල ප්රදේශයේ බාලවයස්කාර 14 හැවිරිදි පාසල් දැරියන් දෙදෙනෙක් පෙරේදා (06දා) සිට නිවසින් අතුරුදන් වී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි වෙන්නප්පුව පොලීසිය පවසයි.
මෙලෙස නිවසින් අතුරුදන්ව ඇත්තේ තඹරවිල ප්රදේශයේ පාසලක ඉගෙනුම ලබන එකම පවුලේ නිවුන් සොහොයුරියන් දෙදෙනෙකි.
ඉකුත් සඳුදා පාසල් යාමට නිල ඇඳුමින් සැරසී නිවසින් පිටත්වී ඇති මෙම දැරියන් ඔවුන්ගේ යෙහෙළියකගෙ නිවසට ගොස් එම යෙහෙළියගෙන් වෙනත් ඇඳුමක් ඉල්ලාගෙන ගොස් ඇති බවට තොරතුරු ලැබි ඇතැයි පොලිස් ළමා හා කාන්තා කාර්යංශය සඳහන් කරයි.
මෙම දැරියන් පාසලට නොපැමිණ වෙනත් මාර්ගයක ගමන් කරමින් සිටිනු දැක ඇති එම පාසලේම දරුවෙකු විදුහල්පතිවරයාට දැනුම් දී ඇති අතර, විදුහල්පතිවරයා සිසුවියන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමට අවස්ථාවක් නොතිබීම තුළ ජාතික ළමාරක්ෂක අධිකාරිය හරහා පොලීසියට පැමිණිලි කර තිබේ.
මෙම දැරියන්ගේ මවගෙන්ද ප්රකාශයක් අරගත් බව පවසන පොලීසිය, මෙම දැරියන් යම් අපහරණයකට ලක්වී ඇති බවට සැකයක් පවතින බවත් ඒ අනුව ලැබෙන විවිධ තොරතුරු ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.
වෙන්නප්පුව මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතාගේ උපදෙස් මත පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂිකා මධුභාෂිණි ඇතුළු නිලධාරීහු මෙම දැරියන් සොයා පරීක්ෂණ සිදුකරති.
නයිනමඩම චන්දන ප්රනාන්දු