රජයේ දින 100 වැඩපිළිවෙළ ප්‍රකාශයට පත්කිරිමෙන් පසුව ගතවූ දින කිහිපයේදී කළ වැඩ කොටස පිළිබඳව අතිශය තෘප්තිමත් බවත්, එම දින 100 වැඩපිළිවෙළ මහ පොළොවේ ඇත්තක් බවට පත්කිරීම සියලු දෙනාගේම වගකීමක් බවත්, බුද්ධ ශාසන, රාජ්‍ය පරිපාලන, පළාත් පාලන හා ප්රජාතනත්රීය යහපාලනය පිළිබඳ අමාත්‍ය කරු ජයසූරිය මහතා සඳහන් කරයි.
ඊයේ (10දා) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මෙම අදහස් ප්‍රකාශ කළ අමාත්‍යවරයා සඳහන් කළේ ජනතාවගේ ශක්තියෙන් දින 100 වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම එක්සත් ජාතික පක්ෂයේ බලාපොරොත්තුව බවයි.