රජයේ සහතික මිල යටතේ කිලෝවක් රුපියල් 45 බැගින් මිලදී ගත් නාඩු වී කිලෝවක් රුපියල් 35 බැගින් විකුණා දැමීම තුළ රජයට අතිවිශාල පාඩුවක් සිදුවන නිසා ඒ පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අද (28දා) පැමිණිලි කරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය සඳහන් කරයි.
කිසිදු ටෙන්ඩර් කැඳවීමක් සිදුනොකර වී අලෙවි කිරීම සඳහා තීරණය කිරීම නිසා මිලදී ගත් මිලට සාපේක්ෂව වී කිලෝවකින් රුපියල් 10 ක පාඩුවක් සිදුවන බවද එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසා සිටියේය.
අදාළ වී තොගවලින් වී මෙට්‍රික්ටොන් 15,000 ක් සත්ත්ව ආහාර සමාගමකට සහ මෙට්‍රික්ටොන් 580 ක මද්‍යසාර සකස් කරන සමාගමක මේ වනවිටත් අලෙවි කර දමා තිබෙන බවත්, වී කුණු කොල්ලයට විකුණා දැමූවත් සහල් කිලෝව රුපියල් 90 දක්වා ඉහළ ගොස් තිබෙන බවද සභාපතිවරයා අවධාරණය කළේය.