2018 වසර තුළ පළාත් සභා මැතිවරණය පවත්වන බවට වන සංශෝධනය සහිතව විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත පළාත් සභා වෙත යොමුකිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
පළාත් සභා මැතිවරණ එක් දිනයක් තුළ පැවැත්වීමට අදාළ විසිවන සංශෝධනය පළාත් සභා වෙත යොමුකිරීමේදී ඌව සහ දකුණු පළාත් තුළ ඒ සඳහා විරෝධයක් එල්ලවූ අතර, මේ සම්බන්ධයෙන් එල්ලවූ සියලු විරෝධතා පිළිබඳ සාකච්ඡාකිරීමෙන් අනතුරුව මෙම සංශෝධනය ඇතුළත් කිරීමට යෝජනා වී ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහත්වරුන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
කොට්ඨාස ක්‍රමය සහ මනාප ක්රමයේ එකතුවක් ලෙස මිශ්‍ර ක්‍රමය හඳුන්වාදෙමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමටද මෙම සංශෝධනයේදී යෝජනාකර ඇත.