ආබාධිතවිශ්රාමික රණවිරුවන්ගේ ඉල්ලීම් සඳහා රජය මගින් විසඳුම් ලබාදුන් බැවින් අඛණ්ඩ උපවාසය නතර කිරීමට තීරණය කළ බව රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පැවසීය. පෙබරවාරියේ සිට තම ඉල්ලීම් ලබාදීමට ජනාධිපති ලේකම් කාර්යාල නිලධාරීන් එකඟ වූ බවත්, එය ලිඛිතව ලැබුණු බවත් ජනාධිපති කාර්යාලයට පාගමනින් ගමන්කළ විශ්‍රාමික හමුදා නිලධාරීහු පැවසූහ.
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ යෙදුණු උද්ගෝෂකයන් පළවා හැරීමටපොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්රහාරද එල්ල කළේය.