ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සිදුකෙරෙන 2006 ට පෙර විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවකයන්ගේ වැටුප විෂමතා ඉවත් කිරීමේ වැඩසටහන සඳහා අලුතින් පත්වීම් ලැබූ උපාධිධාරීන් යොදාගන්නැයි අදාළ අංශවලින් ඉල්ලා ඇතැයි විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් සුනිල් හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.
අගෝස්තු 10 වැනිදාට පෙර අවශ්‍ය අයදුම් පත්‍ර භාරදිය යුතු බව සඳහන් කළ බැවින් මේ වනවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අධික තදබදයක් ඇති වී තිබෙන බවත්, එබැවින් සම්පූර්ණ කළ යුතු අයදුම්පත්‍රය පසුව ලබාදෙන්නැයි විශ්රාමිකයන්ගෙන් ඉල්ලා සිටින බවත් අධ්යක්ෂ ජනරාල්වරයා පවසා සිටියේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (15දා) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කෙරිණි.