විලියම් කුමරු දෙවැනි වතාවටත් පිය තනතුරෙහි පිහිටුවමින් සිය බිරිඳ වූ කේට් කුමරිය නැවතත් මවු පදවිය ලැබුවේ රාජකීය දියණියකගේ මවක වෙමිනි. සෙනසුරාදා (02 දා) අලුයම දරුවා බිහි කිරිම සඳහා රෝහල් ගත වූ කුමරිය බ්‍රිතාන්‍ය වේලාවෙන් එදින පෙරවරු 8.34 ට කුමරිය බිහිකර තිබුණි.
උපතේදී රාත්තල් 8 කුත් අවුන්ස 3ක බරකින් යුතු වූ ඇය බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සම්ප්රදාය අනුවම උපත ලබා පැය 10කට පමණ පසුව මාධ්‍ය සහ එරට ජනතාව ඉදිරියට ප්‍රසිද්ධ කරන්නටද රාජකීයයන් පියවර ගෙන තිබුණි.