විල්පත්තුව ආසන්නයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වල සිදුකළ නැවත පදිංචි කිරීම්, කැලෑ කැපීම් සාධාරණීකරණය කිරීමට රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා උත්සාහ කළද, පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාදුන් නියෝග එලෙසම ක්‍රියාත්මක බව පරිසර අමාත්‍යාංශ ලේකම් නිහාල් රූබසිංහ මහතා සඳහන් කරයි.
රිෂාඩ් බද්යුදීන් අමාත්‍යවරයා පෙරේදා (16දා) එම ප්‍රදේශයට මාධ්‍යවේදීන් ඇතුළු කණ්ඩායමක් රැගෙන ගොස් අදාළ සිදුවීම් පිළිබඳව දැනුවත් කිරීම් සිදුකළේ අමාත්‍යවරයාගේ වුවමනාවට බවත්, එයට කිසිවක් කීමට හැකියාවක් නොමැති බවත් ඔහු පැවසීය.
තමා ඇතුළු කණ්ඩායම අදාළ ප්‍ර‘දේශයේ සිදුකළ සංචාරයකින් පසු සකස් කළ වාර්තාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ වනවිට භාරදී තිබෙන බවත්, අමාත්‍යාංශය විසින් තවත් පරීක්ෂණ කටයුතු මේ දිනවල සිදුකරන බවත් ලේකම්වරයා පවසා සිටියේය.
මෙම පරීක්ෂණ කටයුතුවලින් ලබාගන්නා තොරතුරු සහ දැනට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදී තිබෙන වාර්තාව පිළිබඳව සාකච්ඡා කර ඉදිරි සති දෙක තුළදී අවසන් තීරණයක් ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.
එතෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාදී තිබෙන තහනම් නියෝගය එලෙසම ක්‍රියාත්මක බවද නිහාල් රූබසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.