20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ හා එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය කුමක්ද යන්න පිළිබඳව ජනතාවට දැනගැනීම සඳහා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන ලෙස විපක්ෂනායක නිමල් සිරිපාලද සිල්වා මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝග කරයි.
කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට ඇති 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර නව ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමට එජාපය ඇතුළු සියලුම දේශපාලන පක්ෂ සහයෝගය දිය යුතු බවත් ඔහු සඳහන් කරයි.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා විපක්ෂය සහාය දුන්නේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට රජය පොරොන්දු වූ නිසා බවද විපක්ෂ නායකවරයා පවසයි.