එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දස දෙනෙකු පමණ මෙවර අයවැයට පක්ෂව ඡන්දය ප්රකාශ කිරීමට සූදානමින් සිටින බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද(27) පැවසීය.
අයවැය කතාව සිදුකරමින් සභානායකවරයා මේ බව කීය. එමෙන්ම වත්මන් ආණ්ඩුව සමග එක්වන ලෙසද සභානායකවරයා විපක්ෂ මන්ත්රීවරුන්ට ආරාධනා කළේය. රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්රී බන්දුල ගුණවර්ධන මහතාගේ නම යෝජනා කලද හෙතෙම එය ප්රතික්ශේප කළ බවත් සභානායකවරයා මෙහිදී කීය